ඔබට සතියක් ලුණු නොමැතිව ජීවත් විය හැකිද?
නගර නම් කර ඇත, ආර්ථිකයන් ඒ මත ගොඩනඟා ඇත, ඒ මත යුද්ධ කර ඇත, ඔබේ ජීවිතය රඳා පවතින්නේ ද එය මත ය. ලුණු ඉතිහාසයේ වැදගත්ම හා වැඩියෙන්ම මිනිසුන් අතර සතුරුකම් ඇති කල ඛනිජය විය හැකිය.
ලුණු අද අපට කොපමණ වටින්නේ ද? ලුණු භාවිතා කරන අවස්ථාවන් බොහෝ ඇති නමුත් අපිට වැදගත් වන්නේ අධි රුධිර පීඩනය නිසාවෙනි.
අතීතයේ, මිනිසුන්ගේ වැටුප ලුණු වලින් ගෙවා ඇති අතර, එයට විශාල වශයෙන් බදු ද අය කර ඇත. ලුණු වලට ඔබගේ ආහාර ආරක්ෂා කර ගැනීමටත්, තුවාල සුව කිරීමටත්, වාසනාව ගෙන ඒමටත් හැකිය.
අද වන විට, බර්ගර්, ෆ්‍රෙන්ච් ෆ්රයිස් රස ගැන්විමට වඩා, රසායනික සැකසුම්, ජල පිරිපහදු, ගොවිතැන් සහ තෙල් හා ගෑස් කර්මාන්තවල අමුද්‍රව්‍යක් ලෙස ලුණු වැදගත් වේ.
ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් ලෙසද හැඳින්වේ. ලුණු වෙන් වසයෙන් ගතහොත් මෙම මූලද්‍රව්‍ය මාරාන්තිකය; නමුත් ඒවා එකට සම්බන්ධ වී ඇත්විට, ඔවුන් ඔබව පණපිටින් තබා ගනී. ඔබ සෝඩියම් වතුරට දැමූ විට කුමක් සිදුවේදැයි බැලීමට අවශ්‍යද? ක්ලෝරීන් ඔබට කරන්නේ කුමක්දැයි ඔබ දන්නවාද?
ලුණු අපගේ ශරීරයේ ඉතා වැදගත් කර්තව්‍යන් කීපයක් සදහා උදව් වේ. ඔබේ මාංශ පේශි ලිහිල් කිරීමට හා හැකිලීම හා, ඔබේ හදවතට රුධිරය පොම්ප කිරීමට අවශ්‍ය ස්නායු සංඥා සම්ප්‍රේෂණය කිරීමට උදව් වේ. පෝෂ්‍ය පදාර්ථ ජීර්ණය කිරීම සහ ආසාදන වලට එරෙහිව සටන් කිරීම ද වැදගත් ය.
රුධිරයේ අඩු සෝඩියම් තත්වය නිසා, තෙහෙට්ටුව, වමනය හ මරණය පවා ඇතිවිය හැකි අතර රුධිරයේ අධික ලෙස ලුණු අන්තර්ගත වීම නිසා සෛල අතර එකතු වීම, රුධිරය ඝණ වීම, හදවත වේගයෙන් වැඩකිරීම සහ බොහෝ විට හෘදයාබාධ ඇතිවීමටද හේතු විය හැක.
ඔබේ සිරුරේ ලුණු තේ හැදි 40ක් පමණ ඇති අතර දළ වශයෙන් එය ශරීරයේ බරින් 0.4% කි. ඔබ අඞන, දහදිය දමන විට හා මුත්‍රා කරන සෑම විටම මින් යම් ප්‍රමාණයක් ඔබට අහිමි වන අතර එය නැවත ලබා ගත යුතුය.
ඇමරිකානු හෘද සංගමය නිර්දේශ කරන්නේ වැඩුනු මිනිසෙකුට ලුණු මිලිග්රැම් 1500 – 2300 අතර දිනකට ලබා ගත යුතු බවයි. නමුත් එය සමාන වන්නේ චිප්ස් පැකට් එකකට පමණි.
1930 කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණාත්මක වෛද්‍ය දෙපාර්තුමෙන්තුව විසින් දින 10ක් ලුණු රහිතව ගත කිරීම සදහා ස්වේච්චා සේවකයන් 4 දෙනෙක්ගේ සේවය ලබා ගත්තේය. පලමුව ඔවුන්ගේ සිරුරේ ඇති සියළු ලුණු ඉවත් වන පරිදි දහඩිය දැම්මුවේය. ඉන්පසු ඔවුන් පරිභෝජනය කල සියල්ල විනාශ කලේය. වැඩිකල් නොගොස් ඔවුන්ට රසයන් හදුනාගැනීමට නොහැකිවිය. තෙහෙට්ටුව ඇති විය. ලක්ෂණ එනම් රුධිර සෛල ඉදිමීමේ තත්වයට පත් විය. මෙවැනි තත්වයකදී ඉක්මන් මරණය සිදුවිය හැකි නිසා ඔවුන්ට ලුණු සහිත ආහාර ලබ දුන් අතර පසුව යථා තත්වයට පත්විය.
ලුණු නොමැතිව ගත කල දින 10 එසේනම් සිතා බලන්න.! ලුණු මුලු ලෝකයෙන්ම තුරන් වුවහොත් අපට වැඩිකල් ජීවත් වීමට නොහැකි වේවි.
අපට පමණක් නොව ශාක හා සතුන්ටද ලුණු අත්‍යාවශ්‍ය වේ. සාගරය අපවිත්‍ර වීම නිසා ඇල්ගී සියල්ල විනාශ වන අතර ප්‍රභාසංශ්ලේෂණ ක්රියාවලියද අඩපන වේවි.
ඉතා ඉක්මනින් ඕනෑවටත් වඩා කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් ප්‍රමාණවත් ලෙස නොමැති වීමේ ගැටළුවක් ඇතිවිය හැක. දේශගුණය අධික උණුසුම් හා අධික සීතල අතර උච්චාවචන වන අතර සුලි කුණාටු විශාල ලෙස ඇති වේ.
Sources
- Fisher, Len. 2019. “How Much Salt Is In A Human Body?”. Down, Dan, BBC Science Focus Magazine. Accessed August 13 2019.
- “All About The Salt Industry”. Sheth, Khushboo. 2019. Worldatlas. Accessed August 13 2019.
- “NPR Choice Page”. Nell Greenfieldboyce, 2019. npr.org. Accessed August 13 2019.
- “Humans Wouldn’t Be Able To Get By Without Salt”. 2019. San Antonio Express-News. Accessed August 13 2019.
- “The Salt Wars”. Nicola Twilley, Gastropod. 2016. The Atlantic. Accessed August 13 2019.
- “Take It With A Grain Of Salt – Harvard Health”. Harvard Health. Accessed August 13 2019.
- “The Horrible Things That Happen If You Don’t Get Enough Sodium” 2019. io9.gizmodo.com. Accessed August 13 2019.
- “Low Blood Sodium (Hyponatremia)”. 2019. Healthline. Accessed August 13 2019.
- “What If Photosynthesis Stopped Happening?”. Garden, Home, Science Myth, and What If. 2015. Howstuffworks. Accessed August 13 2019.
0 Comments